Sri Lanka Latest Breaking News and Headlines.

Saturday, July 21, 2018

පියයුරු රැක ගන්නා අයුරු

යක්කල සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලයේ කාය චිකිත්සාව පිළිබඳව කථිකාචාර්ය ආයුර්වේද විශාරද පණ්ඩිත, වෛද්‍ය - චමරි වෛද්‍යරත්න

පියයුරු ගැන අද සමාජයේ වැඩිපුර කථා බහට ලක්වන්නේ පිළිකා සම්බන්ධයෙන් පමණි. එහෙත් යුවතියකට තම  රූසපුව ගැන සිතන විට පියයුරු වලට ලැබෙන්නේ ප‍්‍රමුඛ තැනකි. මක් නිසාද යත් කාන්තාවකට පිරිපුන් පියයුරු තරම් තවත් ආභරණයක් නොමැති තරම්ය. එසේ පවසන්නේ ඇඳුමක් පැළඳුමක් පවා හැඩවැඩවන්නට පියයුරු යුවලේ පිරිපුන් බව අවශ්‍ය නිසාය.
විලාසිතා ගැන සැලකීමේදී පියයුරු වල අවශ්‍යතාවය කළින් කළට විචලනය වුවත් පියයුරු යනු කාන්තාවන්ගේ රූපාලංකාරය සදහා අත්‍යාවශ්‍යම අංගයක් බවට කිසිඳු සැකයක් නොමැති අතර ඒ නිසා පියයුරු නියමිත හැඩයෙන් පවත්වා ගත යුතු වේ. එහෙත් අවාසනාකට මෙන් පියයුරු වලට මාංශ පේශීන් නොමැති නිසා මෙය දුෂ්කර කටයුත්තකි. පියයුරු ග‍්‍රන්ථියකි. එය කුඩා බිළිඳා කිරි උරාබීමට ස්වභාව ධර්මයා විසින් දරුවාට ලබා දී ඇති ත්‍යාගයක් ලෙස දැක්විය හැකිය. ඒ කෙසේ වෙතත් පියයුර අවට ඇති මාංශ පේශී වලින් එනම් පිට කොන්දේ සිට එන මාංශපේශී උරහිස්වල හා පපුවේ මාංශ පේශී පියයුරු  ශක්තිමත් වීමට උදව් වන අතර එමඟින් ඒවා නියමිත හැඩයෙන් සහ විසිරී නොයන ලෙස පවත්වා ගත හැක.
පහත සඳහන් ව්‍යායාමය හැකි තරම් වාර ගණනක් කිරීමෙන් පියයුරු වල හැඩය හා ශක්තිය පවත්වා ගැනීමට ප‍්‍රයෝජනවත් වේ.  සීරුවෙන් සිටගෙන     වැලමිට දෙක ඉන මට්ටමට ගෙන ඒවා  සිරුරට තදින් තද කරන්න. දැන් 10ට ගනින්න නැවත ලිහිල් වන්න. ඉන් පසු දෑත් පියයුරු මට්ටමට ඔසවන්න. නැවත සිරුරට තද කරමින් මේ ආකාරයට කිහිප විටක් ක‍්‍රමානුකුලව කරන්න.
බිත්තියක් ඉදිරියට ගොස් බිත්තිය මත දෑත් තබා බිත්තියට තදින් පීඩනයක් ලබා දෙන්න. 10ට ගණන් කරන්න. පසුව ලිහිල් වන්න. මෙය කීප වරක් කරන්න. නැවත නිතර දෙවේලේ ඔබට හැකි වාරයක් කිරීම වඩාත් ප‍්‍රතිඵලදායකය වේ. මෙයින් පියයුරු වටා ඇති මාංපේශී ශක්තිමත් වී ඒවා මනා හැඩයකින් පවත්වා ගැනීමට උපකාර වේ.
පියයුරු සම්භාහනය  කිරීම හා ඒවායේ සුමුදු බව පවත්වා ගැනීමට ආලේප ගැල්වීම කිසිවිටකත් නොසළකා සිටිය යුතු නොවේ. එසේම එය කිරීමේදී පියයුරු අසල ප‍්‍රදේශය හා බෙල්ල උරහිස් සහ අක්‍ෂකාස්ථි ප‍්‍රදේශයද මඟ නොහරින්න. සම්භාහනය කිරීමේදී විශාල රවුම් වශයෙන් ඔබගේ ඇඟිලි තුඩුවලින් එය කළ යුත්තේ තන පුඩුව දෙසට යොමු වන ලෙසය. පියයුරේ පිටත ධාරයෙන් ආරම්භ කර ඇතුළ දෙසට සම්භාහනය කළ යුතුය.
පියයුරු සම්භාහනය හා තෙතමනය රැක ගැනීම සඳහා මහාමාශ තෛලය ඉතා ප‍්‍රතිඵලදායකය. මෙය ප‍්‍රමිතියකට අනුව සකසා ගත යුතුය. මීට අමතරව ප්‍රෝටීන් සපිරි ආහාර හා විටමින් ඊ අඩංගු ආහාර ගැනීම ප‍්‍රතිඵලදායකය. මාංශ පේශී  වර්ධනය සඳහා කුෂ්මාණ්ඩ රසායනය හෝ පුහුල් බස්නය ද වෛද්‍ය උපදෙස් මත ලබා ගන්න. පිළිකා නොවන සාමාන්‍ය ගැටිති මත රෝගානි කාෂ් නැමති බෙහෙත පාවිච්චි කිරීමෙන් ඒවා තුනී බවට පත් වී නැතිවී යයි. එහෙත් ඒවා පිළිකා නොවන බවට සැක හැර දැන ගැනීම සියල්ලටම පළමුව කළ යුතු වැදගත්ම කාර්යය වේ.
කුළුදුල් දරුවාට කිරි දෙන මුල් කාලයේ පියයුරු වල නොයෙක් ගැටළු ඇතිවීමද ස්වභාවිකය. ඒ අතර තන පුඩුව තුවාලවීම ඒවා ඉරිතැලීම හා කිරි ඒම අවහිර වී වේදනා සහිත වීම සිදුවේ. දරුවා කිරි උරා බීමට මැළිකමක් දක්වමින් කිරි තදවී අති විට පියයුරු සියඹලා කොළ දෙළුම් කොළ තම්බා තවන්න. එවිට පියයුරු වේදනාව නැතිවී තනපුඩු තුවාලවී ඇත්නම් ඒවා සුවවී සහනය ලැබේ. කිරි උරා බොන විට මවට දැනෙන අපහසුවක් දැනේ නම් එයද පහවේ. තුවාල වී ඇති තන පුඩු වල සීතෝදක තෛලය හෝ තල තෙල් ආලේප කිරීම සුදුසුය. මෙම තෙල් දරුවාට ගිලූනාට විස සහිත වන්නේද නැත. එහෙත් කිරි දෙන විට පියයුර පිරිසිදු කර කිරි දිය යුතුය. කුළුදුල් දරුවාට කිරි එරෙන ප‍්‍රමානය මඳ බවද සමහර මව්වරුන්ට ඇතිවෙන ගැටළුවකි. ඒ සඳහා කිරි උණන කසාය ආයුර්වේද පොත පතේ සඳහන් වේ.  ඒවා ප‍්‍රතිඵලදායක බවද කිව යුතුය. එම කසායක් නම් හාතාවාරිය අල සැවැන්දරා මුල් කිරිඅගුණ මුල් මීමල් වැල්මී ඉරමුසු  මේ ඔසු කෂාය ලෙස සකසා දින 6ක් දිමෙන් කිරි එරේ. දරුවාට ආහාරය සපයන, අනික් විට රූසපුව වඩවන පියයුරු කාන්තාවන්ට මිල කල නොහැකි ආභරණයකි. 
උපුටාගැනීම අන්තර්ජාලයෙන්..
Share:

කාන්තා ඔබට පියයුරු කුඩා වීමේ ප්‍රශ්නයට විසඳුම් මෙන්න


කාන්තාවන්ගේ ශරීරයේ ඉස්ට්‍රජන් කියන හෝර්මෝනය නිෂ්පාදනය හිග වීම නිසා සමහර කාන්තාවන්ගේ පියවුරු වර්ධනය නොවේ.ගැහැණුන්ගේ දිව්තික ලිංගික ලක්ෂණ පහල වෙන්නේ මේ ඉස්ට්‍රජන් කියන හෝර්මෝනය මගින්.

පියයුරු, ගැහැණු ශරීර හැඩය, කට හඩ වගේ දේවල් ආකර්ශනිය කරන එක. ඒ වගේම ඔසප් චක්‍රය හා ප්‍රජනන පද්ධතිය නියාමනය කිරීමත් මේ දේ මගින් සිද්ධ වෙනවා

නමුත් එය පහත සඳහන් ආහාරවලින් එය වළකාගත හැකියි.

කොල පැහැති එළවලු (Green Vegetables)

ගෝවා මල්, නිවිති, බොකුටු ගෝවා, brussels sprouts (ගෝවා පවුලටම අයත් එළවලු වර්ගයක්) වගේ එළවලු වර්ග වල phytoestrogens අඩංගු වෙනවා. ඒ වගේම ශරිරයට ඉතා වැදගත් වෙන යකඩ, කැල්සියම් හා ප්‍රතිඔක්සිකාරක අඩංගු වෙනවා. ඉතින් ඔබට පුළුවන් නම් ඉහත සදහන් කල එළවලු වර්ග ඔබේ ආහාරයට එකතු කර ගන්න ඔබට පුළුවන් වේවි යහපත් ශරීර සෞඛ්‍යක් පවත්වා ගන්නා අතරම ඔබේ පියයුරු වල ප්‍රමාණයත් වර්ධනය කර ගන්න.


කිරි නිෂ්පාදන (Dairy Products)

සත්ව කිරි යොදාගෙන නිෂ්පාදනය කරන කෑම ජාති වල තියෙනවා prolactin, progesterone වැනි reproductive හොර්මොන්ස්. එමගින් කාන්තාවන්ගේ පියයුරු වර්ධනය වීම සිදු වෙනවා කියලා දැනට හොයා ගෙන තිඛෙනවා.


සොයා බෝංචි

සොයා බෝංචි මගින් කාන්තාවන්ගේ ශරීරයේ පියුයුරු වර්ධනයට බාධා කිරීම් සිදු කරන විවිධ අහිතකර ෙසෙල විනාශ කිරීම සිදු කරනවා. ඉතින් ඔබේ කෑම වේලට වැඩි පුර සොයා බෝංචි එකතු කර ගත්තොත් ඔබට පුළුවන් වේවි ලස්සන පියයුරු යුගලයක් හදා ගන්න.


මුහුදු ආහාර (Sea Food)

විශේෂයෙන්ම ඉස්සෝ, ඛෙල්ලෝ වගේ මුහුදු ආහාර වල තියෙනවා මැන්ගනීස් කියලා පෝෂණ සන්ගටකයක්. මෙමගින් කන්තාවන්ගේ ඉස්ට්‍රොජන් නිෂ්පාදනය වැඩි කිරීමට විශාල උත්තේජනයක් සපයා පියයුරු වර්ධනය වීමට ලොකු බලපෑමක් කරනවා.

මාදුරු

ඔබට පියයුරු විශාල කර ගැනීමට අවශ්‍ය නම් ඔබ ගත යුතුම ආහාරයක් තමයි මාදුරු. මෙහිදී ස්වාභාවිකව පියුයුරු වර්ධනය වීමක් සිදු වෙනවා. එකට හේතුව තමයි මාදුරු වල තියෙනවා ශරීරයේ නිපදවන ඉස්ට්‍රජන් හොර්මොනයට සමාන හොර්මෝන.

උපුටාගැනීම අන්තර්ජාලයෙන්...
Share:

පියයුරු එල්ලා වැටීම සම්පුර්ණයෙන්ම නැති කරගන්න හැටි මෙන්න

සෑම කාන්තාවක්ම තමන්ගේ පියයුරු පරිපුර්ණ හැඩයකින් යුතුව පවත්වාගෙන යාමට උනන්දු වනවා. නමුත් අවාසනාවකට වගේ එය තරමක් අපහසු දෙයක්. 

සාමාන්‍යයෙන් පියයුරු එල්ලා වැටීම වයසට යාමත් සමග සිදුවන ස්වාභාවික දෙයකි. ඒ නිසා පියයුරු එල්ලා වැටීම වලක්වා ගැනීමට අවශ්‍ය උපදෙස් කිහිපයක් මේ..



  • තමන්ගේ සිරුරේ බර පාලනය කරගැනීම වැදගත්.
  • පිරිසිදු ජලය බීමට නිතරම වග බලාගන්න.
  • සෞඛ්‍ය සම්පන්න පෝෂණ කොටස් සහිත ආහාර ගැනීම ඉතා වැදගත්.
  • දින දෙකකට වරක්වත් ව්‍යායාම වල නිරත වෙන්න.
  • පපු ප්‍රදේශයට ඇති ව්‍යායාම සිදු කිරීමෙන් පියයුරු වටා ඇති මේදය අඩු කරගත හැක.
  • සතියකට වරක් හෝ ඔලිව්  තෙල් හෝ පොල් තෙල් හෝ කෝමාරිකා වලින් පියයුරු සම්බාහනය කරන්න.ඒ සඳහා අයිස්ද යොදාගත හැක.
මීට අමතරව මෙම පියයුරු එල්ලා වැටීම සම්පුර්ණයෙන්ම නවත්වාගතහැකි පහසු ආලේපනයක් සාදාගන්න හැටි අපි දැන් බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය - 




ගාගත් කැරට් අල දෙකක් 
අයිස් කැට 10ක් පමණ
ගාගත් ලොකු ළුණු කැබැල්ලක් 
මී පැණි තේ හැඳි 1ක් 

තරමක් විශාල රෙදි කැබැල්ලක් ගෙන අයිස් කැට හා ගාගත් කැරට් දමා එම පොට්ටනිය ඔබේ පියයුරු මත තබා මිනිත්තු 3ක් පමණ අතින් තද කරගෙන සිටින්න.

එය ඉවත් කර මී පැණි ගෙන ඇඟිලි තුඩු වලින් හොඳින් පියයුරු මත ආලේප කර මිනිත්තු 5ක් පමණ සම්බාහනය කරන්න.

ගාගත් ළුණු ද පියයුරු මත ආලේප කර හොඳින් සම්බාහනය කරන්න.

හොඳින් සෝදා හරින්න.


මෙය  සතියේ ඔබට පහසු විදිහට දින 3ක් වත්  වෙලාවක්  වෙන් කර උනන්දුවෙන් සිදු කර ඔබ ඔබවම පුදුමයට පත් කරගන්න.. සති කිහිපයකින් ඔබට පෙනේවි ඔබේ පියයුරු නැවතත් යතා තත්වයට පත්වෙමින් තිබෙන බව..


Share:

මව්වරුන්ට පිංතුර සහිත මග පෙන්වීමක් පියයුරු ස්වයං පරීක්ෂාව


මෙම ලිපියෙහි  පියයුරු ස්වයං පරීක්ෂාව කරගන්නා අයුරු පිංතුර සහිතව පැහැදිලි උපදෙස් අඩංගු වෙනවා.

පියයුරු පිළිකා හදුනාගෙන ප්‍රතිකාර නොකලොත් මාරන්තික වේ. සියලුම පිළිකා රෝගීන් අතරින් 25% ක් පියයුරු පිළිකා වැලදුන කාන්තාවන් වේ.
පියයුරු පිළිකා ඇති වනුයේ  පියයුරු වල ඇති අසාමාන්‍ය සෛල වලිනි. ඒවා පිළිවෙලකට බෙදෙන  හා නිෂ්පාදනය වන සාමාන්‍ය සෛල මෙන් නොවේ.
මෙම සෛල පිළිවෙලකින් හා පාලනයකින් තොරව  බෙදී යාමක් සිදු වේ. මෙම අපිළිවෙල බෙදීමත් සමගම අමතර පටක වල අසාමන්‍ය වර්ධනයක් ඇති කරන  පටක නිර්මාණය වේ. එම අසාමාන්‍ය පටක පිළිකා කාරක හෝ හානිදායක නොවන තත්වයක් ඇතිවිය  හැකි අතර බොහොමයක් කිරි නාල වලින් හටගන්නා පිළිකා තත්වයන් වේ.
කාන්තාවන්ට මුලික අවධියේ පියයුරු පිළිකා හදුනා ගැනිමට ඇති ක්‍රමයක් වන්නේ නිතර කරන මැමෝග්‍රෑම්‍ වේ.
සරල ඔබට නිවසේදීම පෞද්ගලිකව කර ගත හැකි පියයුරු ස්වයං පරීක්ෂාව කියලා තව ක්‍රමයක් තියෙනවා.
ස්වයං පියයුරු පරීක්ෂාව සදහා විනාඩි පහලොවක් පමණක් ගතවන අතර මාසෙකට වරක් වත් කල යුතුවේ.
මතක තබාගැනීමට : 
ඔබේ පියයුරු මෘදු හා ඉදිමීමක්  සිදු වන නිසා  මාසික ඔසප් වීම පටන් ගැනීමට ආසන්නයේදී ස්වයං පියයුරු පරීක්ෂාව කරන්න එපා.
පළමු පියවර :

ඔබේ වම් අත හිස වටා යන ලෙස තබා උඩු අතට දිගා වෙන්න. ඔබේ දකුණු අතින් වම් පියයුර පරීක්ෂා කරන්න. ඔබේ මැද ඇගිලි තුන භාවිතා කර පැතැලි අතට මුලු පියයුර මත මෘදුව එහා මෙහා ගෙන යන්න. කුඩා රවුම් හැඩයට පිරිමදිමින් ගැටිති, ඝන වීම් හෝ ගැට තිබේදැයි පරීක්ෂා කරන්න.
විවිධ මට්ටමේ පීඩනය, ආලෝකය, මාධ්‍ය හා ව්‍යුහයන් භාවිතා කරන්න.  පියයුරු හොදින් පරීක්ෂා කිරීම සදහා උරහිස් අස්ථියේ සිට පර්ශු දක්වා වු මුලු පියයුරම පරීක්ෂා කරන්න.
මේ ක්‍රියාවලියම ඔබේ දකුණු පියයුරත් සමග කරන්න.
දෙවැනි පියවර :

කණ්නාඩියක් ඉදිරියේ හිටගෙන ඔබේ දෑත් ඉනෙහි තබාගන්න.
ගැටිති, හැඩයේ හෝ ප්‍රමාණයේ වෙනස්වීම් හෝ පියයුරේ සමෙහි ඇතිවන කුඩා වල ගැසීම් සියුම්ව පරීක්ෂා කරන්න.
තුන්වෙනි පියවර :

අත් එකිනෙක උත්සමින් ගැටිති  තිබේදැයි සියුම්ව පරීක්ෂා කරන්න.

ඔබේ සිරුර ආසාදනයක් සමග සටන් කරමින් සිටින විට  ඔබේ වසා ගැටිනි ඉදිමෙන අතර ඒවා අත් යට පරීක්ෂා කිරීමේදී හමුවිය හැකි බව මතක තබාගන්න.
කාරණය එය වුවත් ඇයි ඔබේ වසා ගැටිති ඉදිමුනේ යන්න සොයා ගැනීමට සෞඛ්‍යමය විකල්පයක් සොයන එක වඩා හොද වේ.
හතරවෙනි පියවර :

මහපට ඇගිල්ලත් ඊලග ඇගිල්ලත් භාවිතා කර ඔබේ පියයුරු තුඩු මිරිකන්න.
මෙහිදී හෝ පෙර පියවර වලදී මොනවා හරි දියරයක් පිටවීම, ගැට තිබීම වැනි දේ ඇත්නම් ඔබ පමා නොවී වෛද්‍යවරයකු හමුවිය යුතුය.
මේ වැයම පියයුරු පිළිකා මාරයා ගෙන් ඔබ රැක ගැන්මටයි.
උපුටගනිමකි 
Share:

Friday, July 20, 2018

කාන්තා ඔබ විසින් පියයුරු ගැන දැනගත යුතු දේවල් 10 ක්



01) ඔසප් වීමෙන් පසු පියයුරු වැඩෙන්නේ නැද්ද?

සමහරවිට ඔබට මතකත් නැතුව ඇති පුන්චිකාලේ ඔබට තිබුණු පියයුරු අද තියන තත්වයට පත් වුණේ කවදද කියල. ඒත් ඔබ දන්නවද ඉතා වේගයෙන් ශරීරය වර්ධනය වුණු ඒ කාලයට පස්සෙත් ඔබේ සිරුර වර්ධනය වන බව. සාමාන්‍යයෙන් ඔබ වැඩි වියට පත් වූ පසු තවත් අවුරුදු පහක් පමණ යන තුරු ඔබේ පියයුරු වර්ධනය වීම සිදු වේ.

02) පියයුරුවල හොඳම කාලය මොකක්ද?

ඔබේ පියයුරු සම්පුර්ණයෙන්ම වර්ධනය වූ පසු ඒවා ඉතා ලස්සනට දිස්වේ. වයස 20ත් 30ත් අතර කාලය තුළ මෙම අවධිය තමා ඔබේ පියයුරු වල සෞඛ්‍යමත්ම අවධිය. ඒවා ඉතා තදට සහ මනා හැඩයකින් යුතුව දිස් වන්නේ මේ අවධියේදීයි. ඔබේ පියයුරු ගොඩාක් විශාල නැත්නම් මේ අවධියේ දී ඒවා එල්ලා වැටීම සිදු වන්නේ ද නැත. ඒ නිසා මේ අවධියේ දී ඔබේ පියයුරු ගැන ඔබට බොහොම ආඩම්බරයෙන් ඉන්න පුළුවන්.

03) මේවා නිසා ඔබේ පියයුරුවල ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්

ඔබේ නව යෞවන විය අවසන් වූ පසු ඔබේ පියයුරු අවශ්‍ය ප්‍රමාණයට වර්ධනය වී ඇත. එසේ වුවද ඔබගේ ඔසප් වීම, ගැබ් ගැනීම, බර වැඩි වීම ආදිය මත පියයුරුවල ප්‍රමාණය ද වරින් වර වෙනස් විය හැක. ඔබගේ හෝර්මෝනවල වෙනස්වීම පියයුරුවල වෙනස් වීමට ඍජුවම බලපායි. ඔබගේ සිරුරේ බර වැඩි වීම හා අඩු වීම ද මෙයට බලපාන තවත් කරුණකි. සමහරුන්ගේ බර වැඩි වීමේදී අනෙක් අවයවවලට වඩා පියයුරුවල බර වැඩි වේ. ඒත් බර අඩු වීමත් සමගම පියයුරුවල ප්‍රමාණය ද අඩු වේ. ඔබ කිරි දෙන අවධියේ දී ද පියයුරු විශාල වන අතර කිරි දීම නැවත්වීමෙන් පසු නැවත පියයුරු ද යථා තත්වයට පත් වේ.

04) ඔබගේ තනපුඩුත් වෙනස් වෙන්න පුළුවන්

කිරි දෙන අවධියේදී ඔබේ පියයුරු විශාල වීමට අමතරව තනපුඩු අවට පැහැය වෙනස් වීම ද තන පුඩු විශාල වීමද සිදු විය හැක. කිරි දීම නැවැත්වීමෙන් පසු මෙම වර්ණය හා ප්‍රමාණය නැවත යථා තත්ත්වයට පත් වේ. එහෙත් ඇතැම් කාන්තාවන්ගේ තනපුඩු නැවත යථා තත්ත්වයට පත් නොවීමට ද ඉඩ ඇත.

05) 30න් පස්සේ මෙන්න මෙහෙමයි

ඔබ වයස 30 පසු කළ පසු ඇතැම් විට ඔබ ඔබේ පියයුරු පෙරට වඩා සිනිදු ලෙස දැනීමේ ඉඩ කඩ ඇත. ඔබේ සිරුරේ බර වැඩි වීම ද මෙයට හේතුවක් විය හැකියි. මෙලෙස පෙර තිබූ තද බව නැති වී සිනිඳු වීමට හේතුව වන්නේ ඔබේ සිරුරේ පටක ක්‍රමයෙන් අඩු වී මේදය තැන්පත් වීම නිසයි.

06) පියයුරු එල්ලා වැටෙන්නේ මේ කාලයේදීයි.

ඔබ ආර්තවහරණයට ලං වන විට හා අර්තවහරණයෙන් පසු පෙර තිබූ පරිදි සුන්දර පියයුරු ඔබට හිමි නොවනු ඇත. ඒ වෙනුවට ඔබට එල්ලා වැටෙන පියයුරු හිමි වනු ඇත. වයසට යාමත් සමග ඔබේ සම ද ක්‍රමයෙන් ඇදීමට ලක් වන අතර එනිසා ඔබේ පියයුරු එලලා වැටීමට පටන් ගනී. ඔබගේ පියයුරු එතරම් විශාල නොවුවද මෙය සිදු විය හැක. ඔබට මෙය වලක්වා ගැනීමට අවශ්‍ය නම් රාත්‍රියට තරමක් සැහැල්ලු බ්‍රා එකක් අඳින්න පුළුවන්.

07) පියයුරු වල ප්‍රමාණය අඩු වෙනවා

ආර්තවහරණයෙන් පසු කාන්තාවන්ගේ සිරුරේ ඊස්ට්‍රජ්න් ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වේ. එය ඔබගේ පියයුරුවල ප්‍රමාණය අඩු වීමට හේතුවක් වේ. එමෙන්ම සමේ ඝනකම අඩු වීම නිසා පියයුරු එල්ලා වැටීම ද සිදු වේ.

08) පියයුරු අව්වට නිරාවරණය කරන්න එපා.

ඔබගේ පියයුරු ආශ්‍රිත සම ඉතා සංවේදීය. එය හිරු එලියට නිරාවරණය වුවහොත් සම පිළිස්සී සිරුරේ අනෙක් තැන් මෙන්ම කැළැල් ඇති වීම. දුර්වර්ණ වීම සිදු විය හැක. එනිසා ඔබ නාන ඇඳුම් ආදි පියයුරු විවර වන ඇඳුම් අඳින්නේ නම් ඒ ප්‍රදේශවලද සන් ක්‍රීම් ආලේප කළ යුතුයි

09) පියයුරුවල දහදිය රැඳෙන්න දෙන්න එපා

ඔබගේ පියයුරුවල වැඩි වශයෙන් දහදිය රැඳී තිබීම හොඳ නැහැ. දහදිය දැමීම වැඩි වන තරමට ඔබේ සමට හානි වීමට ඇති ඉඩද වැඩි වේ. එය සම අව පැහැ ගැනීමටත් හේතුවකි. එම නිසා ඔබගේ පියයුරුවල වැඩිපුර දහදිය නොරැඳීට වග බලා ගන්න

10) කාලයත් සමග පියයුරුවල දැනීම අඩු වෙනවා

ඔබගේ තනපුඩු සහ ඒ අවට දැනීම් ඇති වන්නේ පපුවේ ඇති ස්නායු මගිනි. ඔබගේ පියයුරු කුඩා නම් ස්නායුවලට දුර අඩු වේ. ඒ නිසා ඔබට වැඩි සංවේදනයක් ලැබේ. එහෙත් ක්‍රමයෙන් ඔබේ පියයුරු එල්ලා වැටීමටත් විශාල වීමටත් පටන් ගන්නා අතර එයින් අභ්‍යන්තර ස්නායු ද ඇදීමට ලක් වේ. එනිසා මෙම සංවේදනයන් අඩු වීමට පටන් ගනී.
Share:

Definition List

Unordered List

Support